ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත‍්‍රපටය – කොඩා – හොඳම නිළිය – ජෙසිකා චැන්ටේන් හොඳම නළුවා – විල් ස්මිත්

584

94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී කොඩා චිත‍්‍රපටය හොඳම චිත‍්‍රපටය ලෙසට සම්මානය හිමි විය. මෙහිදී හොඳම නිළිය ලෙස ජෙසිකා චැන්ටේන්ද හොඳම නළුවා ලෙස විල් ස්මිත් ද හොඳම චිත‍්‍රපට අධ්‍යක්ෂ ලෙස පවර්බග් ඩෝග් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ජෝන් කැට්පියන් ද හොඳම ගීතය ලෙස නෝ ටයිම් ටු ඩයි චිත‍්‍රපටයේ ගීතය ද තේරුණි.

 මෙම කොඩා චිත‍්‍රපයට තේමාව වූයේ බිහිරි පවුලක කතාවයි. මෙම චිත‍්‍රපටයේ හොඳම සහායක නළු සම්මානය ට්‍රෝයි කොම්පුර් සහ හොඳම තිර රචනය ලියූ සියැන් හෙවර්ටද හිමිවුණි. ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම කැමරාකරණය ඩූනේ චිත‍්‍රපටයට ද, සංස්කරණය සහ හොඳම ශබ්ද පරිපාලනය සහ නිෂ්පාදන සැලසුම සඳහා වූ සම්මානය ද ඩූනේ චිත‍්‍රපටයට හිමිකර ගත්තේය.

 ඩූනේ චිත‍්‍රපටය සම්මාන හයක් හිමිකර ගනු ලැබීය.

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත‍්‍රපටය - කොඩා - හොඳම නිළිය - ජෙසිකා චැන්ටේන් හොඳම නළුවා - විල් ස්මිත්

මෙම ලෝ පූජිත සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස විල් ස්මිත් තේරුණ අතර ඔහු සහ නිවේදක කි‍්‍රස් රොක් අතර ගැටුමක් ඇති විය. ඊට හේතුව වූයේ කි‍්‍රස් රොක් විසින් විල් ස්මිත්ගේ බිරිය වූ ජාඩා පින්කට් කොණ්ඩය කපා තිබූ අයුරු ගැන විහිළුවක් කිරීමය.

 මේ නිසා විල් ස්මිත් විසින් කි‍්‍රස් රොක්ට කම්මුල් පහරක් ගසා ඇත. පසුව ඔහු ඒ ගැන සමාව අයැද සිටියේය. මෙම සිද්ධිය සජීවී ලෙස ප‍්‍රචාරය විය.

advertistmentadvertistment
advertistmentadvertistment