ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට යකා නගී

436

94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත්, හදිසියේම වේදිකාවට ගොඩවී නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට අතුල් පහරක් එල්ල කිරීම මේ වන විට සුවිශේෂී සිදුවීමක් බවට පත්ව ඇත.

විල් ස්මිත් ගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් ගේ හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටී.

වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට එය විහිළුවක් වූ අතර ඔහු දිගින් දිගටම ජේඩා විහිළුවට ගත් අතර තවත් බලා සිටිය නොහැකි වුණු විල් ස්මිත්, වේදිකා​වට ගොඩ වී ක්‍රිස් රොක්​ අසලට ගොස් අතුල් පහර එල්ල කළේය. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය විය.

පසුව විල් සිමිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනුවේ කිංග් රිචඩ් චිත්‍රපටය වෙනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment