ඔස්‌ට්‍රේලියාවට ඉනිමක ජයග්‍රහණයක්

160

ඔස්‌ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 182ක ජයග්‍රහණයක් ලබාගත් සත්කාරක ඔස්‌ට්‍රේලියා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම සංචාරකයන්ට එරෙහිව 2-0ක තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ඔස්‌ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්‌ට්‍රේලියා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 575ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 189කටත් දෙවැනි ඉනිමේදී ලකුණු 204කටත් සියල්ලෝම දැවී ගියහ.

ඒ අනුව ඔස්‌ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 182ක ජයග්‍රහණයක් හිමි වූ අතර සිය 100 වන ටෙස්ට් තරගය වූ එම තරගයේදී ලකුණු දෙසීයක් වාර්තා කළ ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment