ඔස්‌ට්‍රේලියාවට කඩුලු 9 ක පහසු ජයක්

160

ලෝක ශුරතා ටෙස්ට් සටනේ අවසන් තරගයටත් එයි

ඔස්‌ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු නමයක පහසු ජයග්‍රහණයක් ලබාගත් සංචාරක ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම 2023 ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඊයේ (03 වැනිදා) සුදුසුකම් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 76 ක ඉලක්කයක් හඹාගිය ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු උස්මන් කවාජා තරගයේ දෙවැනි පන්දුවෙන්ම දැවී ගියද අනතුරුව පිටියට එක් වූ මානස් ලැබුශේන් ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමග පරිස්සමෙන් යුතුව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මෙම ජයග්‍රහණය සමග බෝඩර් – ගවස්කාර් තරගාවලියේ මේ වන විට ඉන්දියාව 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින අතර ඉදිරි තරගය ලබන 09 වැනිදා පැවැත්වේ.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ලබන ජුනි මස පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඔස්‌ට්‍රේලියාවට හැකි විය. තරගය තුළ කඩුලු එකොළහක් ලබාගත් නේදන් ලයන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment