ඔස්‌ට්‍රේලියාවෙන් සොයා ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනේ

591

ඔස්‌ට්‍රේලියානු පොලිසිය එරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය සිඩ්නි වරායේ තිබූ කන්ටේනර් තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ යටතේ කිලෝ ග්‍රෑම් 1800 ක බරකින් යුත් ‘අයිස්’ හෙවත් මෙතම්පිටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සිඩ්නි වරායේ කන්ටේනර් තුළ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

කිරි ගරුඬ තුළ සඟවා තිබී ඇති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ වටිනාකම ඔස්‌ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් පමණ ) වන බව බලධාරීන් විසින් ඇස්තමේන්තු කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය මැදපෙරදිග සිට ඔස්‌ට්‍රේලියාවට ගෙන්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා ඇති පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් චූදිතයන් ලෙස නම් කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment