ඔස්‌ට්‍රේලියාවේ බිත්තර හිඟයක්

839

ඔස්‌ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල උග්‍ර බිත්තර හිඟයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙඳසල් විසින් එක් අයකුට නිකුත් කරන බිත්තර ප්‍රමාණය දෙකකට සීමා කර තිබේ.

ශීත දේශගුණික තත්ත්වය, කොරෝනා මර්දන අගුලු දැමීම් හා සේවක හිඟය වැනි සාධක හේතුවෙන් කුකුළු ගොවිපළ හිමියන් විසින් සිය ගොවිපළවල කුකුළන්ගේ සංඛ්‍යාව අඩු කිරීම නිසා රට පුරා බිත්තර හිඟයක් මතු වන ලකුණු පහළ වී ඇති බව එරට බලධාරීහු පවසති.

බිත්තර නිෂ්පාදකයන් පාරිභෝගිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ බිත්තර සැපයුම් යථා තත්ත්වයට පත් වන තෙක් දැනට පවතින බිත්තර හිඟය හේතුවෙන් මතුව ඇති අසීරුතාවයන් ඉවසා සිටින ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment