ඔස්ට්‍රේලියාව එංගලන්තය පරදවයි

92

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගය වූ ඔස්ට්‍රේලියාව සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයෙන් එංගලන්තය පරදා ලකුණු 36ක ජයක් වර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

බි්‍රඩ්ජ්ටවුන්හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබාගැනීමට සමත්වූ අතර එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියාවනු කණ්ඩායමට ලකුණු 36ක ජයක් හිමිවිය.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 34ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 39ක්, මිචෙල් මාෂ් ලකුණු 35ක් සහ මාකස් ස්ටොනික්ස් ලකුණු 34ක් ලැබූහ.

එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නායක ජොස් බට්ලර් සහ පිල් සෝල්ට් සමත් වූ අතර පිල් සෝල්ට් ප්‍රථම කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු පුවරුව පන්දුවාර 7.1 තුළ ලකුණු 73ක් ලෙස කියැවිණි. ඉන් පසු ලකුණු 92ක් වන විට ජොස් බට්ලර් දැවී ගිය අතර ඉන් පසු එංගලන්ත ඉනිම පාලනය කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු සාරාංශය

ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201යි.

ට්‍රැවිස් හෙඩ් 34, ඩේවිඩ් වෝනර් 39, මිචෙල් මාෂ් 35,

(ක්‍රිස් ජෝඩන් 44- 2, මොයින් අලී 18-1, ජොෆ්ර ආචර් 28-1ක්, අදීල් රශීඩ් 41-1)

එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165යි.

බට්ලර් 42, පිල් සෝල්ට් 37, මොයින් අලී 25, හැරී බෲක් 20.

(ඇඩම් සැම්පා 28- 2, පැට් කමින්ස් 23-2)

advertistmentadvertistment
advertistmentadvertistment