ඔස්‌ට්‍රේලියාව දඟ පන්දුවෙන් වැඩ පෙන්වා සිය දඟපන්දු රජුට උපහාර පුදයි

313

වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඔස්‌ට්‍රේලියා කණ්ඩායම ඊයේ (01 වෙනිදා) ගාල්ලේ දී සමත් විය.

මුල් ඉනිමේ ලකුණු 109ක අවාසියක් සමග දෙවෙනි ඉනිම ඇරඹූ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවෙනි ඉනිම ලකුණු 113 කට සීමා වීමෙන් ශ්‍රී ලංකාවේ පරාජයේ මාවත උදාවිය.

ඒ අනුව ඔස්‌ට්‍රේලියාවට හිමිවූ ලකුණු 5ක ඉලක්කය පන්දු හතරකින් සම්පූර්ණ කරගත් සංචාරක ක්‍රීඩකයෝ තරඟාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම විනාශ කර දැමූ ඔස්‌ට්‍රේලියා දඟ පන්දු යවන්නන් අතරෙන් නේදන් ලයන් සිය පන්දුවාර 11 තුළදී ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත් අතර මිචෙල් ස්වෙප්සන් පන්දුවාර 7කදී ලකුණු 34කට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් දවා ගත්තේය.

මීට පෙර ටෙස්ට් තරග 27 කදී කිසිදු ටෙස්ට් කඩුල්ලක් දවා ගෙන නොසිටි ට්‍රැවිස් හෙඩ් ලකුණු දහයක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් හතර දෙනෙක් දවා ගැනීම ලැජ්ජා සහගත කරුණක් විය. හෙඩ්ට ඒ සඳහා ගත වූයේ පන්දුවාර 2කුත් පන්දු පහක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න ලබා ගත්තේ ලකුණු 23ක් පමණක් වූ අතර දෙවැනි ඉනිමේ පළමු දැවීයාම සටහන් කරමින් දිමුත් දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පසු පස එකා ක්‍රීඩාගාරය වෙත පිය නැගූහ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 14කටත්, ධනංජය ද සිල්වා ලකුණු 11කටත් දැවී ගිය අතර ජ්‍යෙෂ්ඨ පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පිතිකරණය සඳහා කැඳවා තිබූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 11කටත් දැවී ගියේය.

ඔස්‌ට්‍රේලියාව දඟ පන්දුවෙන් වැඩ පෙන්වා සිය  දඟපන්දු රජුට උපහාර පුදයි

හිටපු ඔස්‌ට්‍රේලියා දඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන්ට උපහාර පිදීම නිමිත්තෙන් පැවති මෙම තරගය ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්විණි.

පළමු ඉනිමේ දී ලකුණු 75 ක් ලබා ගත් කැමරන් ග්‍රීන් තරගයේ වීරයා ලෙස සම්මාන ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment