ඔස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයක

270

ටෙස්ට් ලෝක ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ දෙවන දින වූ ඊයේ (08 වැනිදා) දිවා විවේකය වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 422 ක් රැස්කරගෙන සිටියේය.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ ට්‍රෙවිස් හෙඩ් ලකුණු 163 ක් ලබාගත් අතර සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ලකුණු 121 ක් ලබා ගත්තේය.

4 වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 286 කි.

advertistmentadvertistment
advertistmentadvertistment