ඔස්‌ට්‍රේලියාව ලකුණු 101ක් ඉදිරියෙන්

166

සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී ඊයේ (30 වැනිදා) සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු දෙකක් අතැතිවය.

ඔස්‌ට්‍රේලියානු ඉනිම ඔසවා තැබූ උස්මාන් ක්වාජා සහ කැරන් ග්‍රීන් ශ්‍රී ලංකා පන්දු යන්නන්ට හිසරදයක් වෙමින් පහසුවෙන් ලකුණු රැස් කිරීම මත ශ්‍රී ලංකා පළමු ඉනිම ලෙහෙසියෙන් පසුකර යෑමට ඔස්‌ට්‍රේලියාවට හැකියාව ලැබිණි. උස්මාන් ක්වාජා ලකුණු 71ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 77ක් ඔස්‌ට්‍රේලියා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූයේ පස්වැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් දියත් කරමිනි.

ක්වාජාගේ දැවී යෑමෙන් පසු කැමරන් ග්‍රීන්ට එකතු වූ ඇලකේස් කේරි තවදුරටක් ඔස්‌ට්‍රේලියා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් 6 වැනි කඩුල්ලට ලකුණු 84ක් එක් කළේය. අලෙක්ස් කේරී ඒ අතරවාරයේ සිය පෞද්ගලික ලකුණු 45ක් රැස් කළේය.

ඔස්‌ට්‍රේලියාව ලකුණු 101ක් ඉදිරියෙන්

අයහපත් කාලයගුණය හේතුවෙන් ඊයේ දිනයේ තරගය ආරම්භ කිරීම පැය 3යි මිනිත්තු 30 ක් පමණ ප්‍රමාද විය. එහිදී ඔස්‌ට්‍රේලියාව පළමු දිනට කඩුළු 3 ක් දැවී ලකුණු 98 ක් රැස් කරගෙන සිටියේය. කෙසේ වෙතත් ගාල්ල නගරයට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩී ගියේය. දැඩි සුළං තත්ත්වයත් සමග ක්‍රීඩාංගණය වටා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් සියල්ල කැඩී, ඒවායේ රඳවා තිබූ කූඩාරම් රෙදි ඉරී ගැල වී ගොස් තිබිණි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 212 ක් රැස් කළහ. අද (01දා) තරගයේ තෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment