ඔස්ටේ‍්‍රලියාවේ කෝලා වළසුන් දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස නම්කෙරේ

547

ශීඝ‍්‍රයෙන් වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටීම හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවට ආවේණික වූ සුරතල් වළසුන් විශේෂයක් වන ‘‘කෝලා බෙයාර්’’ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ඝනයේ සත්ත්ව විශේෂයක් ලෙස නම් කිරීමට එරට පියවර ගෙන තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර කලාපයේ වැඩි භූමි භාගයක විසිරී සිටින මෙම වලසුන්ගේ ගහනය ශීඝ‍්‍රයෙන් අඩු වෙමින් පැවතීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

 ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන ‘‘කෝලා’’ වළසුන් ඉඩම් එළිපෙහෙළි කිරීම, ලැව් ගිනි, නියඟයන්, වසංගත තත්ත්වයන් හා වෙනත් තර්ජනයන් මත විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටින බව ඔස්ටේ‍්‍රලියානු බලධාරීහු පවසති. ඔස්ටේ‍්‍රලියානු රජයට අනුව මෙම කෝලා වළසුන් දුර්ලභ සත්ත්ව විශේෂයක් බවට නම් කර ඇත්තේ ඔවුන් වැඩි වශයෙන් වෙසෙන ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තය හා ඔස්ටේ‍්‍රලියානු අගනුවර කලාපය තුළයි. මෙසේ එම වළසුන් දුර්ලභ ඝනයේ සත්ත්ව විශේෂයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් ශීඝ‍්‍රයෙන් විනාශ වී යන එම සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වැඩි වශයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන් උනන්දු කෙරෙන බව ඔස්ටේ‍්‍රලියානු රජය පවසයි. නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත රජය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම කෝලා වළසුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් පියවර නොගතහොත් 2050 වසර වන විට ඔවුන් එම ප‍්‍රාන්තයෙන් සම්පූර්ණයෙන් වඳවී යෑමේ තර්ජනයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment