ඔස්ටේ‍්‍රලියානුවෝ තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගනිද්දී ශ‍්‍රී ලංකාව විස්සයි 20 පරාජයේ ලෝක වාර්තාව සම කරයි

619

සුපුරුදු පරිදි නැවත වරක් පිතිකරුවන්ගේ අසාර්ථක භාවය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාව සමගින් කි‍්‍රයාත්මක තෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදී කඩුලූ 6ක පරාජයක් අත් විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය. එ් අනුව ඊයේ ලද ජයත් සමගින් දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ සත්කාරක ඔස්ටේ‍්‍රලියානුවෝ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගැනීමට සමත්වූහ.

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඊයේ ලබූ පරාජයත් සමගින් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ගණනක් පරාජයට පත්වී ඇති බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් ශී‍්‍ර ලංකාව සමතැන් ගත්තේය. මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 151ක් කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව ඉන් තරග 67ක් ජය ලබා තරග 79ක් පරාජයට පත්වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව්වන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 157කට කී‍්‍රඩා කරමින් ඉන් තරග 66ක් ජය ගනිමින් තරග 79ක් පරාජයට පත්වී තිබේ.

කැන්බරා කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක වූ අදාළ තරගයේදී පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 121ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය සත්කාරක කණ්ඩායම පන්දුවාර 16.5කදී කඩුලූ 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

තරගාවලිය පුරාම මුල්පෙළ අසාර්ථක වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඊයේ දිනයේදී පළමු කඩුලූ 4 මුලූ ලකුණු 40දී බිඳ වැටුණි. තරගාවලියේ පිළිවෙළින් පළමු තරගයේදී 1 ලකුණකටත් දෙවැනි තරගයේ ලකුණු 0කටත් දැවී ගිය ධනුෂ්ක ගුණතිලක ඊයේ දිනයේදී ලකුණු 9කට දැවී ගියේය. පළමු තරග දෙකේදී පිළිවෙළින් ලකුණු 16කට සහ 0කට දැවී ගිය චරිත් අසලංක ඊයේ දිනයේදී ලකුණු 6කට දැවී ගියේය. කේන් රිචඞ්සන් යැවූ තරගයේ තෙවැනි පන්දු වාරයේදී පළමු පන්දුවෙන් සහ අවසන් පන්දුවෙන් පිළිවෙළින් ගුණතිලක සහ අසලංක දැවී යෑම මත පැතුම් නිස්සංකගේ කර මතට ශී‍්‍ර ලංකා ඉනිමේ බර වැටුණි.

තරග 32ක් කී‍්‍රඩා කළ ද විස්සයි විස්ස තරග රටාවේ ලකණු අතරට පිවිසීමට නොහැකිව සිටි අවිශ්ක ප‍්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට ආදේශ කර තිබූ කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදී ද සිය වගකීම පැහැර හරිමින් පන්දු 11කදී ලකුණු 4ක් ලබා සිටියදී ඇස්ටන් අගාර් යැවූ පන්දුවකට ඔහුගේ අතටම උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

මෙන්ඩිස් මීට පෙර ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව විස්සයි විස්ස තරග 6ක් කී‍්‍රඩා කර තිබූ අතර එහිදී පිළිවෙළින් ලකුණු 05, 14, 00, 01, 13, 06ක් ලෙස වාර්තා කර තිබිණි.

පළමු තරග දෙකේදීම ශී‍්‍ර ලංකාවේ ගෞරවය රැුක දුන් පැතුම් නිස්සංකගේ ඉනිම පන්දු 21කදී ලකුණු 16කට සීමා කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ශී‍්‍ර ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ලට පිටියට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක පීඩනයක් යටතේ ශී‍්‍ර ලංකා ඉනිම ගොඩ නැංවීමට උත්සාහක් දැරුව ද ලකුණු 25ක් ලබා සිටියදී චන්දිමාල් දැවී යෑමත් සමගින් එම උත්සාහය ද ව්‍යර්ථ වී ගියේය.

ශී‍්‍ර ලංකා ඉනිමේ මුළු ලකුණු 87දී දිනේෂ් චන්දිමාල් දැවී යනවිටදී පස් වැනි කඩුල්ලට නායක දසුන් ශානක සමග එක්ව ලකුණු 47ක සම්බන්ධතාවක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කර තිබිණි.

දසුන් ශානක පන්දු 38කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැුස් කළේය.

පන්දු 120කදී ලකුණු 122ක් හඹා යෑමට පිටියට පිවිසි ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ පළමු කඩුල්ල කි‍්‍රයාත්මක කළ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන් බිඳ දැමීමට සමත් වූ මහීෂ් තීක්ෂණ ශී‍්‍ර ලංකාවට සහනදායි බලාපොරොත්තුවක් ගෙන එ්මට සමත් විය. එ් අනුව අසලංක අතට උඩපන්දුවක් ලබා දී බෙන් මැක්ඩමෝට් ලකුණු නොලබා දැවී ගියේය.

ඔස්ටේ‍්‍රලියා ඉනිමේ මුළු ලකුණු 26දී ඇස්ටන් අගාර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් මහීෂ් තීක්ෂණ නැවතත් ශී‍්‍ර ලංකාවට ජයග‍්‍රාහී බලාපොරොත්තු ගෙන ආවද එම බලාපොරොත්තු සුනුවිසුණු කර දැමීමට ග්ලේන් මැක්ස්වෙල් සහ එ්රන් ෆින්ච් සමත්විය.

තරගාවලිය පුරා ලකුණු පිපාසයකින් පසු වූ මැක්ස්වෙල් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් උඩපන්දු අත්හැරීම තමාගේ වාසනාව බවට පරිවර්තනය කරගනිමින් පන්දු 26කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 39ක් වාර්තා කළේය. ෆීන්ච් පන්දු 36කදී ලකුණු 35ක් සහ ජෝස් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 21ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

ශී‍්‍ර ලංකාව පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 121යි (පැතුම් නිස්සංක 16, දිනේෂ් චන්දිමාල් 25, දසුන් ශානක 39, කේන් රිචඞ්සන් 21/3)

ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 16.5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 124යි (එ්රන් ෆින්ච් 35, ග්ලේන් මැක්ස්වෙල් 39, ජොස් ඉන්ගිල්ස් 21, මහීෂ් තීක්ෂණ 24/3, ජෙෆ්රි වැන්ඩර්සේ 32/1)

advertistmentadvertistment
advertistmentadvertistment