ඔස්ටේ‍්‍රලියානුවෝ දීර්ඝ තරගාවලියකට ජුනිවල එති

306

ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට තරග කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරග සංචාරයට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ.

ජුනි මස 07 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන විස්සයි-20 තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර ජූලි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් තරගාවලිය නිමාවනු ඇත.

2016 වසරේ ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද තරග සංචාරයෙන් පසු පළමු වතාවට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම දින 36 ක කාලයක් ශ‍්‍රී ලංකාවේ තරග වදිනු ඇත. එහිදී පළමුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියත්, අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියත් සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් පැවැත්වෙනු ඇත.

ඔස්ටේ‍්‍රලියානුවෝ දීර්ඝ තරගාවලියකට ජුනිවල එති

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග 2 ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සෙසු සියලූ තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා තරගාවලිය පිළිබඳ සඳහන් කරන්නේ, මේ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාවට හොඳ සූදානමක් වේවි. ඒ වගේමයි එක්දින සහ ටෙස්ට් තරගාවලි දෙකත් ශ‍්‍රී ලංකාවට ඉතාමත් තරගකාරී වේවි මොකද අපි The ICC World Test Championship ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න මේ තරගාවලි උදව් වෙනවා වගේම 2023 2023 ICC Men’s World Cup සඳහා ද එය හොඳ පන්නරයක් වේවි’ යනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment