ඔස්ටේ‍්‍රලියානු කෙල්ලෝ 7 වැනි වරටත්  – එක්දින ලෝක කුසලානය දිනති

180

කාන්තා එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව හත් වැනි වරටත් තමන් සතුකර ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ ඊයේ (03 වැනිදා) සමත් වූහ. එ් අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 71කින් පරාජයට පත්කරමිනි.

 2022 කාන්තා එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ක‍්‍රයිස්චර්ච් හි පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 356ක දැවැන්ත අභියෝගයක් එංගලන්ත පිල හමුවේ තැබීය. එ් අනුව ජයග‍්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 43.4කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 285ක් පමණි.

 ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ අලීසි හේලි පන්දු 138කදී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වූවාය. ඊට හතරේ පහර 26ක් ඇතුළත් විය. මීට අමතරව රිචල් හෙන්ස් ලකුණු 68ක් සහ බේත් මූනි ලකුණු 62ක් රැුස් කළාය.

 එංගලන්තය වෙනුවෙන් තනි ඉනිමක් දියත් කළ නටාලි ස්කිවර් නොදැවී ලකුණු 148ක් රැුස් කළාය. පන්දු 121ක් පුරා දිගහැරණු එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඇතුළත් විය.

 ඇලන් කිංග් සහ ජෙස් ජොන්සන් එංගලන්ත ඉනිමේ කඩුලූ 3 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment