ඔස්ටේ්‍රලියානු පුහුණුකරුට කොවිඩ්

220

ඔස්ටේ්‍රලියානු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (01 වැනිදා) මේ බව ප්‍රකාශ කර තිබිණි.

 ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සවස දිවයිනට පැමිණිමට නියමිතව තිබිණි. ඒ අනුව එම කණ්ඩායම සමගින් එක්වීම ඔස්ටේ්‍රලියානු පුහුණුකරුවාට අහිමිවී ඇති අතර සතියක නිරෝධායන කාලයකින් පසු ලබන 8 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

 ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ඉවත්වීමෙන් පසු ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් පසු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් සහභාගි වන පළමු තරග සංචාරය මෙය වේ. ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර විස්සයි විස්සි තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment