ඔස්ටේ්‍රලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

390

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රියාත්මක වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.

බංග්ලාදේශ සංචාරයට එක් වූ කමිල් මිෂාර හා සුමින්ද ලක්ෂාන් මෙම සංචිතයට නම් කර නොමැති අතර ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක ඔස්ටේ්‍රලියාවට එරෙහි සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය ශක්තිමක් කරමින් ජෙෆ්රි වැන්ඩර්සේ යළි ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර, නිමා වූ එක්දින තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසංජන අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට නම්කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වන අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වේ.

පළමු තරගය ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත රසාංජන.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment