ඔස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගයට

140

කාන්තා එක් දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ඊයේ (30 වෙනිදා) සමත් විය.

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සමඟ ඊයේ පැවති ප‍්‍රථම අවසන් පූර්ව තරගයේදී ලකුණු 158 ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිමින් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර ඔස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 7 වැනි අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

 මෙම තරගයේ දී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් අලිස්සා හීලි ලකුණු 129ක් ලබා ගත් අතර අනෙක් ආරම්භක පිතිකාරිනී රචායෙල් හේන්ස් ලකුණු 85 ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 216ක වාර්තගත සම්බන්ධතාවයක් පැවැත්වූහ.

 ඔස්ටේ‍්‍රලියාව පන්දු වාර 45ක් තුළදී කඩුලූ 3ක් දැවී ලකුණු 305ක් ලබාගත් අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 37ක් තුළදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148ක් පමණි.

 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ දෙවන අවසන් පූර්ව තරගය අද (31 වැනිදා) දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 03 වෙනිදා ඔස්ටේ‍්‍රලියාව සමග අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.

 ලකුණ සාරාංශය

 ඔස්ටේ‍්‍රලියාව 305 / 3 (අලිස්සා හීලි 129, රචායෙල් හේන්ස් 85, චින්ලේ හෙන්රි 51/2, ෂාමිලියා කොන්නල් 45/1)

 බටහිර ඉන්දීය කොදෙව් 148/10 (ස්ටැෆනී ටේලර් 48, ඩෙන්ඩ‍්‍රා ඩොටින් 34,ජෙස් ජොනෑසන් 14/2, ටාහ්ලියා මැක්ග‍්‍රාත් 17/1)

advertistmentadvertistment
advertistmentadvertistment