ඔස්ටේ්‍රලියා පන්දු යවන්නන්ගෙන් බොක්සිං දිනයේ දී ප්‍රහාරයක්

179

බොක්සිං දින ඊයේ (26 වැනිදා) ආරම්භ වූ ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 189 කට සීමා කිරීමට ඔස්ටේ්‍රලියා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 67කට දවා ගැනීමට ඔස්ටේ්‍රලියා පන්දු යවන්නන් සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 45 ක් රැස්කරගෙන සිටියේය.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කැමරන් ග්‍රීන් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත් අතර මිචෙල් ස්ටාර්ක් කඩුලු දෙකක් දවා ගත්තේය.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් හිදී මෙම තරගය පැවැත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment