ඔස්ටේ‍්‍රලියානු වැසියන්ට විදෙස් ගතවීමට අවසර

586

වසර එකහමාරක පමණ කාලයකට පසු ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රථමවරට කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් සිය රටවැසියන්ට විදෙස් රටවල සංචාරය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත’ ඉකුත් වසරේ (2020) මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සිය රටවැසියන්ට විදෙස් රටවල සංචාරය කිරීම තහනම් කර තිබූ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ රටවැසියනට ලබන නොවැම්බර් මාසයේ සිට විදෙස් රටවල සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි’

 කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා ඉකුත් වසරේ මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව විදෙස් රටවලට යාමට අවස්ථාව ලබා දුන්නේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා හෝ මරණාසන්නව සිටින ඥාතියෙකු බැලීමට යාමට අවශ්‍ය රටවැසියන්ට පමණකි’ කෙසේ වුවද සිය රටවැසියන්ට විදෙස් රටවලට යාමට අවසරය ලබා දෙනුයේ රටේ ජනගහනයෙන් සියයට 80ක ප‍්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා ලබා දුන් පසුව බවද ඊයේ (01දා) පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් අගමැති මොරිසන් පවසා තිබේ’ ඉදිරියේදී විදෙස් සංචාරකයන්ට ද සිය රටට පැමිණීමට අවස්ථාව ලබා දීමටත් පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන් සඳහා නියම කර ඇති දින 14ක හෝටල් නිරෝධායනය දින 07ක නිවෙස් තුළ නිරෝධායනය වීම දක්වා ලිහිල් කිරීමට ද රජය තීරණය කර ඇති බව අගමැතිවරයා කීවේය.

විදෙස්‌ පුවත් සංස්‌කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment