ඔස්ටේ‍්‍රලියානු සමාගමක් ලිංගික අතවර චෝදනා මත සේවකයෝ 48ක් නෙරපති

887

පතල් කැණීම් සිදු කරන දැවැන්ත ඔස්ටේ‍්‍රලියානු සමාගමක් වන ‘එච් පී’ :සමාගම විසින් ඉකුත් 2019 වසරේ සිට සමාගමට අයත් බටහිර ඔස්ටේ‍්‍රලියාවේ පිහිටි පතල්වල සේවය කළ සේවකයන් 48 දෙනෙකු ලිංගික අතවරවලට දායක වීමේ වරදට රැුකියාවෙන් නෙරපා දමා ඇති බව එම සමාගම විසින් නිවේදනය කර තිබේ.

 එච් පී සමාගමට අයත් පතල්වල සේවය කරන කාන්තාවන් පිරිමි සේවකයන් ලිංගික අතවරවලට ලක්වීම ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ.

 මෙම අතවර සිද්ධීන් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු විභාග කිරීමේදී බටහිර ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්ත රජය විසින් එම සිදුවීම් පිළිබඳව විමර්ශනයක්ද දියත් කර තිබේ. එච් .පී. සමාගම ඔස්ටේ‍්‍රලියාවේ ඇති ධනවත්ම පතල් කැණීම් සමාගම වේ. තවත් ප‍්‍රකට පතල් සමාගම් වන යෝ ටින්ටෝ හා ෆොර්ටෙස්ක්‍යු මෙටල්ස් යන කැණීම් සමාගම්වල සේවකයන්ද මෙසේ කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතත් එම සමාගම් විසින් මෙතෙක් එවැනි සිද්ධීන්ට සම්බන්ධ වුවන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment