ඔස්ටේ‍්‍රලියාවෙන් එංගලන්තයට ප‍්‍රබල පිළිතුරක්

147

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙවර අළුබ`දුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09 වෙනිදා* දින තරගය නිමාවන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 343ක් ලබා ගෙන සිටියේය.

 ඒ අනුව ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම කඩුලූ 3ක් අතැතිව ලකුණු 196ක් එංගලන්තයට වඩා ඉදිරියෙන් සිටී. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ට‍්‍රවිස් හෙඞ් පන්දු 85 ක් තුළ ශතකයක් ලබාගත් අතර එය අළුබ`දුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ වාර්තා වූ තෙවැනි වේගවත්ම ශතකය වේ. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් ඬේවිඞ් වෝනර් ලකුණු 94ක් සහ මානස් ලැබුස්චැන්ග් ලකුණු 74ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී වොලී රොබින්සන් කඩුලූ 3ක් දවා ගත්තේය.

 ලකුණු පුවරුව

 එංගලන්තය පළමු ඉනිම ලකුණු 147

 ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම

 ලකුණු 343/7

advertistmentadvertistment
advertistmentadvertistment