ඔස්ටේ‍්‍රලියාවෙන් මෙරටට බහුදින යාත‍්‍රා නිරීක්‍ෂණ පද්ධතියක්

142

සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා ඉවහල්වන බහුදින යාත‍්‍රා නිරීක්‍ෂණ පද්ධතියක් ඔස්ටේ‍්‍රලියානු රජය ශී‍්‍ර ලංකාවට ප‍්‍රදානය කිරීම ඊයේ (16 දා* සිදුවිය.
 
 නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශසීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව, යාත‍්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත‍්‍රා හඳුනාගෙන, ධීවරයන් මුුදාගැනීමට මෙම නිරීක්‍ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හොලි මහතා සඳහන් කළේය.
 
 යාත‍්‍රාවල සවිකෙරෙන සම්පේ‍්‍රෂක :ඔර්බිචදබාැරි* 4200 ක්, නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් සඳහා වූ උපාංග හා සැටලයිට් තාක්‍ෂණ පහසුකම් සහිත නිරීක්‍ෂණ පද්ධතියේ වටිනාකම ඔස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 5.38 ක් වන අතර යාත‍්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතය.
 
 මෙහි පළමු සම්පේ‍්‍රෂක :ඔර්බිචදබාැරි* කට්ටලය ඊයේ (16 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හොලි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත සංකේතාත්මකව භාරදෙනු ලැබිණ.
 
 2015 වසරේදී සවිකර, මේ වන විට අක‍්‍රීයව පවතින මෙවැනි සම්පේ‍්‍රෂක 1250 ක් බහුදින යාත‍්‍රා සතුය. එම යන්ත‍්‍ර යාවත්කාලීන කිරීමට සහාය වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමුවිය.
 
 සුවිශේෂී භූගෝලීය පිහිටීමක ඇති ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාවට නිරීක්‍ෂණ පද්ධතියේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම ඔස්ටේ‍්‍රලියානු රජය ශ‍්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කළේය.
 
 විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්‍ෂක අංශ ප‍්‍රධානීහු, ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment