ඔස්ටේ‍්‍රලියාවේ කඩුලු 3 ක් දැවෙයි – අළුබදුන තරගාවලිය

105

අළුබඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ ඊයේ (05 වැනිදා) ආරම්භ වූ 4 වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ අඩක් පමණ වර්ෂාව හේතුවෙන් අපතේ ගිය අතර දිනය නිමා වනවිට ඔස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ක් දැවී ලකුණු 126 ක් ලබා ගෙන සිටියහ.

 කාසියේ වාසිය හිමි කර ගෙන සිඞ්නි කී‍්‍රඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු මාකස් හැරිස්ය. ඔහු ලකුණු 38 ක් ලබා ගත් අතර ඬේවිඞ් වෝනර් ලකුණු 30 කට ද, මාකස් ලැබුෂේන් ලකුණු 28 කට ද දැවී ගියහ.

 මාර්ක් වුඞ්, ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බෝඞ් එක් කඩුල්ල බැගින් දවා ගත් අතර ස්ටීව් ස්මිත් සහ උස්මන් කවාජා නොදැවී කඩුල්ලේ රැුඳී සිටිති. අද (06 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment