ඔස්ටේ‍්‍රලියාවේ නායක පේන් වේදනාවෙන් සමුගනී

797

මිතුරියක් සමග මීට වසර හතරකට උඩදී හුවමාරු කර ගත් ලිංගිකත්වය දැක්වෙන කෙටි පණිවිඩ කිහිපයක් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමත් සමග ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් කණ්ඩායමේ නායක ටිම් පේන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නායකත්වය සිය ජීවිතයේ විශාලතම භාග්‍යය බවත් මෙවැනි දෙයක් හෙළිදරව් වීමත් සමග තමා තවදුරටත් නායකත්වයට සුදුසු නොවන බවත් ටිම් පේන් ප‍්‍රකාශ කර ඇත. එවැනි කෙටි පණිවිඩ හුවමාරු කිරීම සමාජයේ වගකීමක් ඇති අයෙකු විසින් නොකළ යුතු දෙයක් බව ද පේන් සඳහන් කර ඇති අතර නායකත්වයෙන් ඉවත් වුව ද ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමග තවදුරටත් රැඳී සිටින බව ද පේන් ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් ආයතනයට දන්වා ඇත. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක ටිම් පේන් ඒ අනුව ලබන 08 වැනිදා ආරම්භ වීමට නියමිත අළුබඳුන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment