ඔස්ටේ‍්‍රලියාවේ වාර්තාගත ජයග‍්‍රාහි ගමන නවතී

380

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම අතර පැවැති තරග තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලූ 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කී‍්‍රඩිකාවෝ සමත් වූහ. එ් අනුව පළමු තරග දෙක ජයගත් සත්කාරක කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වෙද්දී තරගාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට ඉන්දිය කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඊයේ පැවැති (26 වැනිදා) දෙරට අතර අවසන් තරගයට පෙර පිට පිටම ජාත්‍යන්තර එක්දින තරග 26ක ජය වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමත් වී සියේය. එ් අනුව කාන්තා හෝ පිරිමි කි‍්‍රකට් කණ්ඩායමක් පිට පිටම වැඩිම වාර ගණනක් එක්දින තරග ජය ගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමත්වී සිටියේය. කෙසේ වෙතත් ඊයේ ලද පරාජයත් සමගින් එම වාර්තා ගත ජයග‍්‍රාහි ගමන නිමාවට පත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 264ක් වාර්තා කළේය. ජයග‍්‍රාහි ඉල්කකය හඹා ගිය ඉන්දීය කී‍්‍රඩිකාවෝ පන්දුවාර 49.3කදී කඩුලූ 8ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් වුවාය. එ් අනුව කාන්තා කි‍්‍රකට් කණ්ඩායමක් විසින් එක්දින තරග ඉතිහාසයේ ඉහළම සාර්තක හඹා යෑමට හිමිකම් කීමට ඉන්දීය කී‍්‍රඩිකාවෝ සමත්වූවා.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් බෙත් මූනි ලකුණු 52ක්, අෂ්ලි ගාඞ්නර් ලකුණු 67ක් සහ ටලියා මැක්ග‍්‍රාත් ලකුණු 47ක් වාර්තා කිරීමට සමත්විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සෆාලි වෙර්මා ලකුණු 56ක්, යස්ටිකා බාටියා ලකුණු 64ක් දීප්ති ෂර්මා ලකුණු 31ක් වාර්තා කළේය. මීට අමතරව ඉන්දීය ඉනිමට අතිරේක ලකුණු 34ක්ද එකතුවීම කැපී පෙණුනි.

advertistmentadvertistment
advertistmentadvertistment