ඔස්ටේ‍්‍රලියාවේ හිටපු ආරම්භක පිතිකරු අත්අඩංගුවට

809

හිටපු ඔස්ටේ‍්‍රලියානු ආරම්භක ටෙස්ට් පිතිකරුවෙකු වන මයිකල් ස්ලේටර් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එ් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව චෝදනාව යටතේය.

 51 හැවිරිදි ස්ලේටර් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව චෝදනාව යටතේ පසුගිය ඔක්තෝබර් මාසයේදී සිඞ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට පත් ස්ලේටර් එහිදී ඇප මත මුදා හැරුනු අතර එම ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඔහු ඊයේ (15 වැනිදා* නැවතත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

 ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ කොන්දේසිය යටතේ තර්ජනය කිරීම්, හිරිහැර කිරීම් සහ ලූහුබැඳීම් යන ඇප කොන්දේසි කඩ කර ඇති බවට මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගත් බව නිව් සවුත්වේල්ස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 1993 සිට 2001 දක්වා ඔස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මයිකල් ස්ලේටර් එහිදී ටෙස්ට් තරග 74කදී මුළු ලකුණු 5312ක් රැුස් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment