ඔස්ටේ‍්‍රලියාව අළු බඳුන දිනයි

155

අළු බඳුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තෙවැනි තරගයෙන් එංගලන්තයට එරෙහිව ඊයේ (27 වෙනිදා) ඉනිමක සහ ලකුණු 14 ක ජයක් ලැබූ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සුප‍්‍රකට අළු බඳුන ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවය සිය ආධිපත්‍යය තුළ තබා ගැනීමට සමත් විය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ සියලූ දෙනා මෙල්බර්න් පිටියේදී ලකුණු 68 කට දැවී යෑමත් සමග ඔස්ටේ‍්‍රලියාව මෙම ජයග‍්‍රහණයට හිමිකම් කීය.

එම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායමක් දැවී ගිය නව වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලූ 5 පන්දු 30ක් තුළ බිඳ දමන්නට ඔස්ටේ‍්‍රලියා පන්දු යවන්නෝ සමත් වූහ.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට සහභාගී වූ ස්කොට් බොලන්ඞ් එංගලන්ත දෙවෙනි ඉනිමේ කඩුලූ 6ක් දවා ගෙන තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය. මීළඟ තරගය ලබන 4 වැනිදා සිඞ්නිහිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment