ඔස්ටේ‍්‍රලියාව ලකුණු 58 ක් ඉදිරියෙන්

138

අළුබදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (10 වෙනිදා) දිනයේ තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ දෙකක් දැවී ලකුණු 220ක් රැුස් කරගෙන ඔස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 58ක් පිටුපසින් රැුඳී සිටියේය.

 එංගලන්තය සිය පළමු ඉනිම සඳහා රැුස් කළ ලකුණු 147 ට පිළිතුරු ලෙස ඔස්ටේ‍්‍රලියාව ඊයේ දිනයේ පළමු ඉනිම සඳහා සියලූම දෙනා දැවී ලකුණු 425 ක් ලබා ගත්තේය. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ට‍්‍රෙවිස් හෙඞ් ලකුණු 152ක් ලබාගත් අතර ඔලී රොබින්සන් සහ මාක් වුඞ් කඩුලූ තුන බැගින් බිඳ හෙලූහ.

 එංගලන්තය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ ජෝ රූට් ඊයේ දිනය නිමා වනවිට නොදැවී ලකුණු 85ක් ලබා ගෙන සිටි අතර අංක 3 පිතිකරු ඬේවිඞ් මලාන් නොදැවී ලකුණු 80ක් ලබා ගෙන කඩුල්ලේ රැුඳී සිටියේය. අද තරගයේ සිවුවැනි දිනයයි.

 ලකුණු සාරාංශය

 එංගලන්තය පළමු ඉනිම 147/10

 ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 425/10

 එංගලන්තය දෙවැනි ඉනිම 220/2

advertistmentadvertistment
advertistmentadvertistment