ඔස්ටේ‍්‍රලියාව, ශී‍්‍ර ලංකාව සමවෙයි

532

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ නවතම ලකුණු සටහනට අනුව එහි ශී‍්‍ර ලංකාව සමගින් පළමු ස්ථානයේ සමතැන් ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්වී තිබේ. එ් එංගලන්ත කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක අළු බඳුන තරගාවලියේදී පැවැති පළමු තරග දෙකම ජයගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්වීමත් සමගය.

ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් තරග දෙකම ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව සමත්වී තිබේ. එ් අනුව කණ්ඩායම දෙකම ප‍්‍රසාද ලකුණු 24 බැගින් ලබා ගනිමින් එහි පළමු ස්ථානයට පත්ව ඇති අතර එහි ජයග‍්‍රහී ප‍්‍රතිශතය සියයට සියයක් ලෙසින් සටහන් වී තිබේ.

පාකිස්තානය එම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන් තරග හතරකදී ජයග‍්‍රහනයන් 3ක් සහ එක් පරාජයක් සමගින් ප‍්‍රසාද ලකුණු 36ක් ලබාගෙන තිබේ. එහි ජයග‍්‍රාහී ප‍්‍රතිශතය සියයට 75ක් ලෙසින් සටන් වී තිබේ. ඉන්දියව අදාළ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන අතර බටහිර කොදෙව් කණ්ඩායම 5 වැනි ස්ථානයටත්, නවසීලන්තය 6 වැනි ස්ථානයටත් එංගලන්තය 7 වැනි ස්ථානයටත් බංග්ලාදේශය 8 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment