ඔසාකාව ටෝකියෝවලින් විසිවෙයි

195

ඔලිම්පික් උළෙලට සහභාගීවූ ටෙනිස් කී‍්‍රඩිකා න ඕමි ඔසාකාට පරාජයට උරුම කරගන්න සිදුවුණා. ඇය පරාජයට පත්වුණේ චෙක් ජනරජයේ මාකෙටා වොන්ඩොසුවා හමුවේ. මාකෙටා 6-1” 6-4ක් ලෙස එම තරගය ජය ගත්තා. න ඕමි ඔසාකා යනු ලෝක ටෙනිස් කී‍්‍රඩිකාවන් අතර පළමු ස්ථානයට පත් පළමු ආසියානු කී‍්‍රඩිකාවයි. ඇය සිව් වතාවක් ප‍්‍රධාන පෙළේ ටෙනිස් ශූරතාවයන් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ වගේම ඇය වත්මන් ඇමරිකානු සහ ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවයේ ජයග‍්‍රාහිකාවයි. 2020 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ජපානයට” මේ ජපාන කී‍්‍රඩිකාවගේ පරාජය කණගාටුවට හේතුවුණා. ඒත් මාකෙටාගේ වමත් පහරට න ඕමිගේ දකුණත් පහර පරාද වුණා. මාකෙටා අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. න ඕමිගේ ඔලිම්පික් කේවල තරග සටන නිමාවුණා.

බෝම්බයෙන් නිවස අළු වුණු සැන්ඩා ඔලිම්පික් යයි

සැන්ඩා ඇල්ඩාස් නම් කී‍්‍රඩිකාව පසුගිය 26 වැනිදා සිය ටෝකියෝ ඔලිම්පික් ගමන නිමා කළා. ඇයට පදක්කමක් හිමිවුණේ නම් නැහැ. ඇය ජූඩෝ කී‍්‍රඩිකාවක්. තරග වැදුනේ කිලෝ ග‍්‍රෑම් 57 බර පන්තියෙන්. පළමු ඔලිම්පික් ගමන” පළමු තරගයෙන්ම නිමාවුණා.

සැන්ඩා ඇල්ඩාස් යනු වත්මන් පරම්පරාවේ මිලියන ගණනාවක නියෝජනයක්. ඇයගේ විශේෂත්වය ඇය සරණාගත කාන්තාවක්. සිරියානු යුද්ධයේ කටුක අත්දැකීම් විඳ තවදුරටත් ඒවා ඉවසාගත නොහැකිව සිරියාවෙන් පළා ආ තැනැත්තියක් වගේම ඇය දරුවන් තිදෙනකුගේ මවක්. ලොව පුරා සිදුවන යුද්ධවලින් සරණාගත තත්ත්වයට පත්වන මිලියන ගණන් ජනතාවගේ නියෝජනයක් ඔලිම්පික් උළෙලට ගෙන ගිය කී‍්‍රඩිකාවක් ලෙස සැන්ඩා ඔලිම්පික් ඉතිහාසයට එකතු වෙනවා.

පළමු වරට ඔලිම්පික් උළෙලකදී සරණාගත නියෝජනයක් සිදුවුණේ 2016 වසරේදී. රටවල් හතරකින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනකු එදා සරණාගත කණ්ඩායම නියෝජනය කළා. මෙවර එම සංඛ්‍යාව 29 ක්. එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 29 දෙනා ඔලිම්පික් ඉසව් 12 කට සහභාගි වෙනවා. 31 හැවිරිදි තිදරු මවක් වන සැන්ඩා ඉන් එක් අයෙක්. ඇය ජූඩෝ කී‍්‍රඩාවට යොමුවෙලා තිබෙන්නේ 7 හැවිරිදි වියේදී. සිිරියානු කාන්තා ජූඩෝ කණ්ඩායම කිහිප වරක් ඇය නියෝජනය කර තිබුණා. සැන්ඩාට සිරියාවෙන් පළා ඒමට සිදුවී තිබෙන්නේ 2015 වසරේදී. සැන්ඩාත් සිය සැමියත් පදිංචිව සිටි නිවසට එල්ල වුණු බෝම්බ ප‍්‍රහාරයකින් ඔවුන්ගේ නිවස සුණු විසුණු වුණා. අළු වුනා. ඉන්පසු ඔවුන් දෙපළ නෙදර්ලන්තයට පළා ආවා.

සැන්ඩා එතෙක් කී‍්‍රඩා ජීවිතයේ ලබාගත් සියලූ පදක්කම් ඒ නිවස තුළ ගිනිබත් වෙලා ගියා. ඇය පවසා සිටියේ එය දරාගැනීමට නොහැකි වූ දුකක් බවයි. කෙසේ වෙතත් මිලියන 80 ක සරණාගත ජනතාවගේ නියෝජිතයකු වී ඔලිම්පික් වරම් දිනාගන්නට ලැබීම මේ සියලූ දුක පරදා නැඟී ආ සතුටක් බව සැන්ඩා ප‍්‍රකාශ කළා.

දෙවතාවක් කොරෝනා වැළඳුණු ටොම් රන් පදක්කම දිනයි

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ මින්පෙර නොවූ ලෙස කොවිඞ් අවදානමේ ඉහළම තැනට ටෝකියෝ නගරය පත්ව තිබියදී. එම නගරයේ හදිසි නීතිය පවා කි‍්‍රයාත්මක වෙන්නේ කොවිඞ් අවදානම වැඩි නිසා. එරට ජනතාවගෙන් සුළුතරයක් තවමත් ටෝකියෝ ඔලිම්පික් උළෙල එපා කියමින් විරෝධතා දක්වනවා.

කොහොම හරි ටෝකියෝ ඔලිම්පික් උළෙල කොවිඞ් පරදා ගමන් කරමින් පවතිනවා. ඒ අතරතුර කොවිඞ් මාරයා දෙවරක් පරාද කළ කී‍්‍රඩකයෙකු ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තා. ඔහු තමයි මහා බි‍්‍රතාන්‍යයේ ටොම් ඞීන්” එහෙමත් නැත්නම් තෝමස් ඞීන්.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුට කොවිඞ් වැළඳී තිබුණා. ඔහු ඉන් සුවය ලැබුවා. ඒත් ඔලිම්පික් උළෙලට පුහුණුවීම් ඇරඹීමට සතියකට උඩදී ඔහුට නැවතත් කොවිඞ් වැළඳුණු අවස්ථාවේදී ටොම් ඔලිම්පික් සිහිනය අත්හැර දමා තිබුණා. ඒත් කොවිඞ් පරදා ටොම් නැඟී සිටියා. පිහිනුම් තටාකයේදී මීටර් 200 තරගයේදි අනෙක් කී‍්‍රඩකයන් පරදා ටොම් ඉදිරියට ආවා. ටොම්ගේ ගෙල වටා ඔලිම්පික් රන් පදක්කම පැළඳුණා.

ටොම්ට වයස අවුරුදු 8 ක් පමණ වනවිට මයිකල් පෙල්ප්ස් නම් ලෝක ශූර පිහිනුම් කී‍්‍රඩකයා හමුවී තිබුණා. ඒ චීනයේ බීජිං ඔලිම්පික් උළෙලේදී. එම අවස්ථාවේදී ටොම්ව දිරිමත් කිරීමට පෙල්ප්ස් කි‍්‍රයාකර තිබුණා. ජයග‍්‍රහණයෙන් පසුව ටොම් ප‍්‍රකාශ කළේ පෙල්ප්ස්ගේ හමුවීම ඔහුට ඔලිම්පික් රන් පදක්කමක් දිනා දීමට සමත් වූ බවයි. කෙසේ වෙතත් ටොම් දෙවරක් කොවිඞ් වැළඳී තිබියදී රන් පදක්කමක් ජයග‍්‍රහණය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව නම් සටහන් කළ යුතුයි. ටොම් මෙසේ මීටර් 200 පිහිනුම් ඔලිම්පික් රන් පදක්කමක් ජයග‍්‍රහණය කළේ කොරෝනා වැළඳී ලක්‍ෂ 42 ක් පමණ පිරිසක් මියගිය ලෝකයක බවත් අමතක නොකළ යුතුයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment