‘ඔහු කියන දේ කරපු කෙනෙක්’ සුනිල් ගැන බිරිඳ ගංගා එදා කළ සඳහන

531

‘පාවෙන පීරිසියක් උඩ නැඟලා පිටසක්වලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ’ ඔබට මේ ගීතය මතකද. අසූව දශකයේ අතිශය ජනපි‍්‍රය වූ මේ ගීතයට වත්මන් පරපුරද ඇලූම් කරන්නේ යැයි කීම අතිශෝක්තියක් නොවෙයි. මේ ගීතයේ හිමිකාරයා කවුද? සමහර විටක මේ ගීතය ඇසුව පමණින් ඔබ ඔහුව හඳුනනවා. ගීත ක්‍ෂේත‍්‍රයේ පමණක් නොව රූපවාහිනි දැන්වීම් තුළින්ද ඔබේ ආලින්දයට එන ඔහු අන් කවරකුවත් නොව ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරායි. ඔහුගේ දයාබර බිරිඳ ගංගා පෙරේරා මගේ මහත්තයා විශේෂාංගයට අද අප එකතු කර ගත්තේ ඇයයි.

මම හැදිලා වැඩුණේ මහනුවර පේරාදෙණියේ. අපේ ඥාතීන් පිරිසක් හිටියා මොරටුවේ. අපි පාසල් නිවාඩුවට මොරටුවට එනවා. අපේ අර ඥාති නැන්දාගේ ගෙදරට. පස්සේ කාලෙක අප කොළඹට ආවා පදිංචියට. කොහොම වුණත් මම පුංචි කාලේ නර්තනයට ලොකු උනන්දුවක් දැක්වූවා. ඒත් සුනිල් පෙරේරා සංගීතයට එතරම් උනන්දුවක් දක්වපු කෙනෙක් නොවෙයි. කොහොම හරි දවසක්දා සංගීතයක් තියෙනවා බලන්න යමු කියලා අපේ නැන්දා මාවත් එක්ක ගෙන ගියා. ඇත්තම කියන්නෙ එදා තමයි සුනිල් පෙරේරා කියලා ගායකයෙක් ගැන මම දැන ගත්තේ. එදා ඉතිං අපි වචනයක් දෙකක් කතා කළා වගේ මතකයි. හැබැයි සුනිල් අපේ නැන්දලාත් එක්ක හොඳට කතා බහ කළා පුරුදුකාරයෙක් විදිහට. මම අධ්‍යාපනය ලැබුවේ එතකොට නුගේගොඩ මහාමායා විiාලයේ. මම ඉතිං මගේ යාළුවන්ට කිව්වා අපි ගියා සංගීතයක් බලන්න. සුනිල් පෙරේරාත් සිංදු කිව්වා. එයා අපිත් එකක කතත් කළා කියලා. ඒත් ඉතිං මගේ හිතට සුනිල් ගැන විශේෂයක් දැනුණේ නැහැ.

‘ඔහු කියන දේ කරපු කෙනෙක්’ සුනිල් ගැන බිරිඳ ගංගා එදා කළ සඳහන

මට එතකොට අවුරුදු පහළොවක් විතර. ඔය මම කියන්නෙ 1981 අවුරුද්ද ගැන. සුනිල්ලා ගීත පටිගත කරන්න එයාලාගේ වැඩ කටයුතු කරන්න නුගේගොඩ නෙලූ ශබ්දාගාරයට එනවා. ඉතිං මම සුනිල්ව දන්න නිසා එතෙනට යනවා යාළුවොත් එක්ක සුනිල්ලා එක්ක කතා කරන්න. හැබැයි ඇත්තම කියන්නම් මගේ හිතේ සුනිල් ගැන ආදරයක් තිබුණේ නැහැ. සුනිල් මාත් එක්ක කවදාවත් ආදරය ගැන ඒ දවස්වල කතා කරලා තිබුණේ නැහැ. මට කියන්න අමතක වුණා. අපේ තාත්තා පොලිසියේ වැඩ කළේ. මගේ මතකයට අනුව තාත්තා ඒ දවස්වල වැඩ කළේ හෝමාගම පොලිසියේ.

අපි පදිංචිවෙලා හිටියේ පන්නිපිටියේ. අපි කෙල්ලෝ කට්ටිය නෙලූ ශබ්දාගාරයට ගිහින් සුනිල් එක්ක කතා කර කර ඉන්නවා දැකලා අපේ අම්මට කවුරු හරි කියලා හරිම ජරමරයක් තමයි වුණේ. කොහොම හරි ඔය සිද්ධියෙන් මම හුඟාක් කලබල වුණා. ඇත්තටම සුනිල්ට මමවත් මට සුනිල්වත් ආදරෙයි කියලා තිබුණේ නැහැ. මම ගෙදරින් තරහාවෙලා යාළුවෙකුගේ ගෙදර ගියා. අම්මලා කලබලවෙලා මාව හොයලා. ඒ ගොල්ල පොලිසියේ පැමිණිල්ලකුත් දමලා. හැබැයි පැමිණිල්ල දාලා තිබුණේ හෝමාගම පොලිසියේ. සුනිල් මාව පැහැරගෙන ගියා කියලා. අන්තිමේ මාවත් සුනිල්වත් පොලිසියට ගෙන්වූවා. සුනිල්ට තිබුණේ මාව පැහැරගෙන ගියා කියන චෝදනාව.
එදා පොලිසියේදී සුනිල් මගෙන් ඇහුවා එයා බඳින්න කැමතිද කියලා. එයාට මාව පත්වුණ තත්ත්වය ගැන දුක හිතුණලූ. මං කිව්වා අම්මලා කැමති නම් බඳින්න කැමතියි කියලා. ඔහොම තමයි අපි දෙන්නගේ විවාහය සිද්ධ වුණේ. ඔය අසූ එකේ. මං සුනිල් දැකලා මාස හතක් ඕනනම් ඔය කාලය අතරතුර ගෙවෙන්න ඇති. ඇත්තටම සුනිල් මට ගොඩක් ආදරෙයි. අපේ තාත්තා වගේ මාව රැකබලා ගන්නවා. අපිට දුවලා දෙන්නෙකුයි පුතාලා දෙන්නකුයි ඉන්නවා. ලොකු පුතා විවාහ වෙලා. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. ගයාන් ගීත ගයනවා. ළමයිගේ වැඩවලට එයා ඕනවට වඩා ඇඟිලි ගහන්නේ නැහැ. එයාගෙන් යමක් ඇසුවොත් කියලා දෙනවා.

‘ඔහු කියන දේ කරපු කෙනෙක්’ සුනිල් ගැන බිරිඳ ගංගා එදා කළ සඳහන

ඇත්තටම මම විතරක් නොවෙයි සුනිල් දන්නෙත් නැහැ ගයාන් පුතා සිංදු කියනවා කියලා. ටීවී එකේ යනකොට තමයි අපි දන්නේ. සුනිල් එදා හුඟාක් සතුටු වුණා. මේ ගයාන්ට සිංදු කියන්නත් පුළුවන්නේ කියලා. සුනිල් දැන් සීයා කෙනෙක්. ඒත් එයා එදා වගේමයි. හරිම විනෝදශීලීයි. හැබැයි හරිම ලැජ්ජාකාරයා. ගෙදර හිටියොත් කෑමට විතරයි කාමරෙන් එළියට එන්නේ. ලැජ්ජයි. කවුරුවත් ආවටත් වැඩිය කතාවට එන්නේ නැහැ. හැබැයි කිසිම ව්‍යාපාර කටයුත්තක් හෝ කලා කටයුත්තක් ගෙදරට ගේන්නේ නැහැ. එයාගේ කාර්යාලයේදී තමයි ඒවා සිද්ධ වෙන්නේ. කියන්න තියෙන දේ මුහුණටම කියනවා. එයාට යාළුවෝ නැහැ. මං හිතන්නේ නැහැ සුනිල්ට තරහාකාරයෝ ඉන්නවා කියලා. හිතේ යමක් තියාගෙන පැසවන කෙනෙක් නෙවෙයි. කලා ක්‍ෂේත‍්‍රයේ අය වුණත් එයා ආශ‍්‍රය කරන්නේ අතේ දුරින්.
මම මුලින්ම එයාගේ සිංදුවලට කැමති නැහැ කිව්වනේ. දැන්නම් කැමතියි. කුරුමිට්ටෝ ගීතයටත් ඔබ දුටුව මුල්ම දිනේ ගීතයටත් ළිඳ ළඟ සංගමය ගීතයටත් මම හුඟාක් කැමතියි. කවුරු මොනවා කිව්වත් එයා කියන දෙය කරන කෙනෙක්. අපේ ගෙදර ආගම් ජාති භේද නැහැ. ඒ නිසා අපි හරිම සතුටින් ජීවත් වෙනවා.

මෙයට පෙර අප හා කරන ලද සංවාදයකි.

සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment