ඕමානයේ සුරක්‍ෂා නිවසේ සිටි පළමු කණ්ඩායම දිවයිනට

122

සංචාරක වීසා මගින් ඕමානයට ගොස් එහි සුරක්‍ෂා නිවස්නයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් පළමු කණ්ඩායම ඊයේ (02 දා) මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.

අටදෙනෙකුගෙන් සමන්විත එම පළමු කණ්ඩායම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ අතර ඔවුන් ‘ඕමාන් සලාම්’ ගුවන් යානය මගින් දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි.

සංචාරක වීසා මගින් විදේශගත වූ කාන්තාවන්ගේ වීසා පොතේ කාලය අවසන්වීම නිසා ඕමාන් රාජ්‍යයේ රැඳී සිටින කාලයට අනුව දඩ මුදල් එරට රජයෙන් නිදහස් කර ගැනීමටත්, සේවා ස්ථානයෙන් පැන ආ කාන්තාවන් 18 දෙනකුගේ ගමන් බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික ගමන් බලපත්‍ර ලබාදීමට සහ ගුවන් ටිකට්පත් ලබාදීමේ කටයුතු කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි සිදුකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
සුජීව තත්සර සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment