ඕමානය සමග පුහුණුව අද ඇරැඹේ

235

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ‍්‍රී ලංකාව සහභාගි වීමට නියමිත පුහුණු තරග හතර අතරින් ඕමානය සම`ග පැවැත්වෙන පළමු පුහුණු තරගය අද (07 දා) පැවැත්වේ.

ඕමානයේ අල් අමෙරට් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් ්ද ඕමාන කණ්ඩායම ශිෂාන් මැක්සුඞ් විසින් ද මෙහෙයවනු ලබති.

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව ඇති බැවින් ශ‍්‍රී ලංකාවට මෙම පුහුණු තරගය ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ පෙරහුරුවක් වනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව සහභාගි වන අනෙක් පුහුණු තරග අතරින් ශ‍්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය ද ඕමානය සමගින් ලබන 09 වැනිදා පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව සහභාගි වන අනෙක් පුහුණු තරග දෙක ලබන 12 වැනිදා බංගලාදේශය සමගද ලබන 14 වැනිදා පැපුවානිව්ගිනියා කණ්ඩායම සමග ද පැවැත්වීමට නියමිත වේ.

ඕමාන ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරන අතර පන්දු රකින පුහුණුකරුවකු ලෙස රුවන් කල්පගේ මහතා ද කටයුතු කරයි. කල්පගේ මහතා පසුගියදා ඕමාන කණ්ඩායම සම`ග එක්විණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03 වැනිදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිතව සිටි නමුත් එරටට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 04 වැනිදා ඔවුහු ඕමානය බලා පිටත්ව ගියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment