ඕමාන් මිනිස් ජාවාරමේ කතුන් සැපයූ තැරැව්කරුවෝ 2ක් රිමාන්ඩ්

115

ඕමාන් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ චෝදනා එල්ලවී ඇති විදේශ රැකියා නියෝජ්‍ය ආයතනවල තැරැව්කරුවන් යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (22දා) නියෝග කළේය.

අජිත් කුමාර සමරකෝන් හෙවත් කසුන් හා යෝගේන්ද්‍රන් හෙවත් යෝගා නමැති එම සැකකරුවෝ දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22දා) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සිය සේවාදායකයා විසින් සිදුකර ඇත්තේ විදේශ රැකියා අපේක්‍ෂාවෙන් සිටි කාන්තාවන් ආශා දිසානායක නමැති සැකකාරියට භාරදීම පමණක් බව නීතිඥ ශ්‍රී ලාල් දන්දෙනිය මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. අනෙක් සැකකරු වෙනුවෙන් නීතිඥ චන්ද්‍රසිරි විජේසිංහ මහතා සමග නීතිඥ රසික සංජීව බමුණුහේන්දර මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment