ඕලෙවල් පෙම්වතිය ගැබිනියක් කළ නරුම පෙම්වතෙක්

1656

මිතුරන්ද හවුල් වෙලා…

කොළඹින් ඇසෙන තවත් එක් සත්‍ය කතාවක්…

නර්මදා කොළඹ ප්‍රදේශයේ පදිංචි දැරියකි. වයස අවුරුදු දහසයකි. ඇය එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරුවාය. ඇය ඉගෙනීමට වඩා රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි උනන්දුවක් දැක්වූවාය. ඒ අනුව සෑම මොහොතකම ඇය උත්සාහ කළේ තම මිතුරියන්ට වඩා කැපී පෙනෙන ලෙස සිටීමටයි. ඉඟ සුඟ මෙන්ම ඇයගේ මුහුණේ ද අමුතුම ලස්සනක් ගැබ්වී තිබුණි. එම නිසාමදෝ පාසල තුළ ඇය ජනප්‍රිය චරිතයක් වූවාය.

ඇයගේ එම ලස්සන නිසාමදෝ බොහො පාසල් සිසුන් පමණක් නොව සමාජයේ විවිධ තරාතිරම්වල තරුණයින්ද නර්මදාගේ රූපයට වශිවී ඇයගේ ආදරය පැතූහ. එහෙත් ඒ කිසිවෙකුටත් ඇය කැමති නොවීය. ඇගේ සිතේ රැඳී තිබුණේ වෙනස්ම ආකාරයේ රුවකි. නිමේෂ් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 22 කි. යමක් කමක් ඇති පවුලක හැදී වැඩුණු ඔහු පාසල් අධ්‍යාපනය හමාර කළ නිවසට වී කාලය ගත කළේය. හරි හමන් අධ්‍යාපනයක් නොලද ඔහු දෙමාපියන්ගේ මුදල්වලින් යැපුණ අයෙකි. පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා දෙමව්පියෝ ඔහුට අත දිගහැර වියදම් කළහ.

කොටින්ම කියතහොත් ඔහු අංක එකේ රස්තියාදුකාරයෙකි. මිතුරන් සමග රස්තියාදු ගැසීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සමාජ ශාලාවල රාත්‍රිය ගත කිරීම, තරුණියන් ඇසුරු කිරීම ඔහුගේ දෛනික කටයුත්තක් විය. එම නිසා බහුතරයක් ඔහුව හැඳින්වූයේ වැදගත් දෙමව්පියන්ගේ නැහැදිච්ච පුතකු ලෙසින්ය. දිනක් කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී නිමේෂ්ට නර්මදා ව දැන හැඳින ගැනීමට හැකිවිය. එදින ඔහු නර්මදා ගැන සියලු තොරතුරු සොයා ගත්තේය. දුටු පළමු දිනයේම එම සල්ලාල තරුණයාට දැඩි ආශාවක් සිතේ පහළ විය.

“මැයව කොහොම හරි මගේ කරගන්න ඕනා. බලන්න පාසල් යන වයසේ සිටියත් ඇය කොතරම් සුන්දරද කියලා. කවුරුවත් කොල්ලේක් ඉන්නවද දන්නේ නැහැ. ඒ හිටියත් කමක් නැහැ කොහොම හරි ඇයව යාළු කරගන්නවා’ නිමේෂ් එලෙස සිතුවේය. එම උත්සවය අවසන්වී දින දෙක තුනකට පසු එක් දිනක් නිමේෂ් නර්මදා අධ්‍යාපනය හදාරන පාසල වෙත ගියේය. ඒ ඇය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීමටයි. එලෙස ගිය ඔහු උපක්‍රමශීලීව පාසල් සිසුන් කිහිපදෙනෙකුගෙන් ඇය පිළිබඳව තවත් තොරතුරු දැන ගත්තේය. එලෙස තොරතුරු දැනගත් පසු දින කිහිපයක් ඔහු ඇය පසුපස ගියේය. ඒ කෙලෙස හෝ ඇය සමග මිතුරුකමක් ඇති කර ගැනීමයි. අවසානයේ ඔහුගේ උත්සාහය සාර්ථක විය. දෙදෙනා මිතුරන් බවට පත්වූහ. ඉන් පසු සැම දිනකම පාහේ නිමේෂ් ඇය මුණගැසීමට ගියේය. එලෙස ගිය ඔහු ඇයට තම සිතේ තිබූ ආදරය ප්‍රකාශ කළේය. නර්මදාගේ සිතේ නිමේෂ් කෙරෙහි කැමැත්තක් තිබුණද එක් වරම ඇය එය ඔහුට පෙන්වූයේ නැත.

දිනක් නර්මදා තම සිතේ නිමේෂ් ගැන තිබූ අදහස තම හොඳම යෙහෙළිය වන නිශාට මෙලෙස පැවසුවාය. “නිශා මගේ පස්සෙන් අයියා කෙනෙක් එන්නේ.”

“ඔව් අර පහුගිය දවස්වල මට කිවුවේ.”

“අන්න හරි එයා ගැන තමයි.”

“දැන් ඇයි එයා ගැන මතක් කරන්නේ.”

“නැහැ මම ඒ අයියට කැමතියි. කියන්න තරම් වරදක් පේන්නේ නැහැ. මගේ හිතේ තිබුණේත් ඒ වගේ කෙනෙක් තමයි. එයා හරි හොඳයි වගේ.”

“හරි නර්මදා ඔයා කැමති නම් එච්චරයි. හැබැයි කල් දාන්නේ නැතිව හිතේ තියෙන දේ කියන්න. නැතිනම් ඒ අයියා වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙයි. එතකොට මේ නංගී ට වහ කන්න තමයි වෙන්නේ.”

“එහෙම කොහොමද වෙන්නේ. දෙවියෝ ඒ අයියව මවලා තියෙන්නේ මටම විතරයි.”

“එහෙනම් එයාට කැමැත්ත දෙන්න තවත් පරක්කු නොවී.”

“එහෙනම් හෙට අනිද්දා ම ඒ අයියාට මම කැමැත්ත දෙනවා.”

“කැමැත්ත දිලා මට හොඳ පාටියකුත් ඕනා.” දෙදෙනාගේ කතාව එතැනින් අවසන් විය.

පසුදින උදාවිය. සුපුරුදු පරිදි නිමේෂ් එදින ද ඇය පසුපස පැමිණියේය. පැමිණ වෙනදා මෙන්ම ඇය සමග කුළුපඟව කථා කළේය. එදින නර්මදා තම සිතේ කලක් හිර කරගෙන සිටි ආදරය ඔහුට ප්‍රකාශ කළාය. එතැන් සිට ඇයගේ එකම ලෝකය වූයේ නිමේෂ්ය. තම අධ්‍යාපන කටයුතු පවා පසෙක දමා ඇය ඔහුට ආදරය කළාය.

නිමේෂ් ද ඇයට දැඩි ආදරයක් පෙන්නුවේය. ඒ සැබෑ ආදරයක් නම් නොවේ. ඔහුගේ සිතේ තිබුණේ ඇය ගැන වෙනම අදහසකි. මේ කිසිවක් නොදත් නර්මදා නිමේෂ්ට තම පණ දෙවැනි කොට ආදරය කළාය. මාසයක් පමණ එලෙස ගතවිය. ලද සැම මොහොතකම දෙදෙනා මුණ ගැසුණහ. එවැනි අවස්ථාවලදී නිමේෂ් ඇයට බොරු ආදරයක් පෙන්වා චාටු කතා පැවසුවේය. ඒ ඇයගේ සිත තවත් දිනා

ගැනීම සඳහාය. එවැනි දිනක නිමේෂ් ඇයට මෙලෙස පැවසුවේය.

“මම ඔයාට දෙයක් කියන්න හිටියේ බබා.”

“ඒ මොකක්ද අයියේ.”

“මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනා.”

“ඉතින් මේ ඉන්නේ.”

“නැහැ මෙහෙම නොවෙයි ඔයාගේ තුරුළට වෙලා ඉන්න ඕනා.”

“ඉතින් මෙතන ඉන්න. මමත් ආසයි.”

“මෙතන බැහැ බබා හැමෝටම පේනවා.”

“එහෙනම් කොහෙදීද පුළුවන්.”

“අපි රූම් එකකට යමු බබා.”

“ඔයාට පිස්සුද? මම තවම පොඩි ළමයෙක්.”

“මම ඒක දන්නවා. එහෙම ගියා කියලා මම ඔයාට කරදර කරන්නේ නැහැ. ඇඟටවත් අත තියන්නේ නැහැ. ඔයා ළඟට වෙලා ආදරයෙන් ඉන්නවා. එච්චරයි.”

“අනේ අයියේ වෙන ඕන දෙයක් ඉල්ලන්න. ඒක නම් බැහැ. මමත් ආසයි ඔයා ළඟ ඉන්න. ඒත් බයයි අයියේ ඒ වගේ තැන්වලට යන්න.”

“එහෙම කියන්න එපා මගේ යාළුවෝ හැමෝම යනවා ඒ ගොල්ලන්ගේ ගර්ල්ලත් එක්ක. ඔයා විතරයි එන්නේ නැත්තේ. ප්ලීස් බබා එන්න. ප්ලීස්.”

“අනේ අයියේ මම කිවුවනේ බයයි කියලා. මම තවම පොඩියිනේ.” “ඔයා බය වෙන්න එපා මම ඉන්නවා ඕනම දේකට.”

“අනේ මන්දා අයියේ.”

දෙදෙනාගේ කථාව එතැනින් නිම විය. පසුදින උදාවිය. එදින පාසල් නිවාඩු දිනයකි. නර්මදා උපකාරක පන්තියට සහභාගී වන බව පවසා නිවසින් පිටවිය. කෙළින්ම ඇය ගියේ නිමේෂ් මුණගැසීමටයි.

එදින නිමේෂ් වෙනදටත් වඩා වේලාසින් ඇය හමුවීමට පැමිණ සිටියේය. දෙදෙනා මුණ ගැසුණි. ඉන්පසු දෙදෙනා පෙරදින කතා කරගත් පරිදි ලැගුම් හලක් වෙත ගියහ. පැය ගණනක් ඔවුහු නිදහසේ එහි පෙම් සුව වින්දහ. එතැන් සිට ලද සැම මොහොතකම ඔවුහු එලෙස ලැගුම් හල් වෙත ගියහ. ඒ වනවිට ඇයගේ පතිවත පවා නිමේෂ් කෙලෙසා තිබුණි. දිනක් නිමේෂ් මත්පැන් පානය කරන ගමන් නර්මදා ගැන විස්තර තම මිතුරන්ට පැවසුවේය. එහිදී මිතුරන් පැවසුවේ ඇයව ඔවුනට ද හඳුන්වාදෙන ලෙසයි. ඒ ඇය සමග ලිංගිකව හැසිරීමටයි. ඒ අනුව බීමතින් සිටි එම සල්ලාලයා එක පයින් එයට කැමති විය.

පසුදින උදාවිය. නිමේෂ් බොරුවක් කියා ඇයව යහළුවකුගේ නිවසක් වෙත රැගෙන ගියේය. එම නිවසේ ඔහුගේ මිතුරන් කිහිපදෙනකු මත්පැන් පානය කරමින් සිටියේය. එය දුටු ඇයගේ සිතට යම් බියක්ද දැනුණි. එහෙත් ඇය තම පෙම්වතා ගැන විශ්වාස කර එම බිය සිතෙන් තුරන් කරගත්තාය. සුළු මොහොතක් එලෙස ගතවිය. ඉන්පසු නිමේෂ් ද තම පෙම්වතිය පසෙකින් තබාගෙන මිතුරන් සමග මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කළේය. පදමට මත් වූ ඔහු ඇය සමග එම නිවසේ කාමරයක් තුළට ගියේය. එදින ඔහු ඇයට සැලකුවේ ඉතාමත් පහත් ආකාරයටයි. ඒ සමඟම ඇයගේ සිතට මහත් බියක් ද දැනුණි. ඇය ඔහුට පැවසුවේ එම නිවසින් එළියට යමු කියාය. එහෙත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

ගතවූයේ සුළු මොහොතකි. නිමේෂ් නමැති සල්ලාලයාගේ බීමත් මිතුරන් එක්වරම කාමරයට කඩා වැදුණි. ඒ වන විටත් ඇය තම පෙම්වතා සමඟ සිටියේ අඩනිරුවතින් ය. නොසිතූ මොහොතක එලෙස පැමිණි පිරිස දැක ඇය මහත් සේ බියට පත් වූවාය. වහාම ඇය තම පෙම්වතාට තවත් ළං වූවාය. එහෙත් පලක් වූයේ නැත. ඔහු ඇය පසෙකට තල්ලු කර දැමුවේ ය. එයින් නර්මදා තවත් බියට පත් වූවාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නිමේෂ් ගේ මිතුරන් ඇයව බිය ගන්වා වරින් වර දූෂණය කළේය. කිසිවක් කර ගත නොහැකිව අසරණ වූ ඇයට සිදුවූයේ එම පාපතරයන්ගේ ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වීමටයි. එපමණක් නොව එම තිරිසන්නු ඇයගේ නිරුවත් පින්තූර පවා ලබා ගත්තේය. එලෙස සමූහ දූෂණයකට ලක් කළ ඇයව නිමේෂ් නමැති සල්ලාලයා එම සිද්ධිය කිසිවෙකුටත් නොපවසන ලෙස තර්ජනය කරමින් නිවස අසලට ගෙනත් දැමුවේය.

එදින ඇයට නිදි නොමැති රාත්‍රියක් විය. සල්ලාලයකුට හසුවී තම ජීවිතය විනාශ කරගත් ආකාරය ගැන සිතමින් මැරි මැරී ඉපදුනා ය. අවස්ථා කිහිපයකදීම දිවි තොර කර ගැනීමට ද ඇය කල්පනා කළාය. එහෙත් අවසානයේ ඇය එම තීරණය වෙනස් කළා ය. එතැන් සිට අවස්ථා කීපයකදීම එම සල්ලාලයා නර්මදාව බියට පත් කරගෙන මිතුරන් සමඟ සමූහ දූෂණයට ලක් කළේය. පෙම්වතාට සහ සමාජයට මුහුණ මුහුණ දීමට තිබූ බිය නිසා ඇය එම සිද්ධිය කිසිවකුටත් පැවසුවේ ද නැත.

දිනක් ඇයට උදරයේ ආබාධයක් හටගත්තාය. අවසානයේ එය ඉවසීමට බැරිම තැන දෙමව්පියෝ ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගියහ. එම වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඇය ගැබිනියක් බවයි. එය ඇසීමෙන් දෙමව්පියෝ පුදුමයෙන් පුදුමයට පත් වූහ. දිනය පසුගිය 19 වැනිදාය. පෙර පරිදි සිව් දෙනෙක් ඇයව දූෂණය කර ත්‍රීරෝදය රථයක නංවා යළි නගරය වෙත රැගෙන එමින් සිටියහ. ඒ බව ඇයගේ ඥාතියකු දුටුවේය. වහාම ඔහු ඒ බව නර්මදාගේ මවට පැවසුවේය. ඉන්පසු නර්මදා තමන්ට සිදු වූ දෙය අකුරක් නෑර දෙමව්පියන්ට පැවසුවාය. එය ඇසූ මව එක්වරම සිහිසුන් වූවාය.

අවසානයේ සියල්ල සිදුවී ඇති බැවින් නීතියේ පිහිට පැතීමට ඇයගේ දෙමව්පියෝ තීරණය කළහ. පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහු සැකකරුවන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. මෙවැනි නරුමයන් තවත් සමාජයේ සිටින බැවින් ඔබගේ දියණිය ගැන නිරතුරුවම අවධානයෙන් සිටින්න.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment