ඕසෝන් ස්ථරය රැකගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

206

සිංගර් ශ‍්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා

පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් සහිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, මෙම බරපතල ගැටලූවට විසඳුමක් ලෙස 2012 වසරේදී R600a ශීතකාරකය හඳුන්වා දෙන ලදී. මෙම නවෝත්පාදනයත් සමඟ ශීතකරණ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී R600a තාක්ෂණය භාවිතා කරන දකුණු ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සමාගම බවට සිංගර් පත් විය. සියලූම ශීතකරණ සඳහා R600a ශිතකාරක යොදා ගැනීමට අප ගත් උත්සාහය නිසා සමස්ත ශ‍්‍රී ලාංකික ශීතකරණ වෙළෙඳපොළ ද ඕසෝන් ස්ථරයට බලපෑමක් ඇති කරන ශිතකාරක භාවිතය ශුන්‍ය කරමින් මුළු කර්මාන්තයම ඊට අනුගතවීම සිදු විය. මේ දක්වා සිංගර්හි R600a ශිතකාරක අඩංගු ශීතකරණ ඒකක 1.25Mn ට වඩා සාර්ථක ලෙස අලෙවි වී ඇති අතර එමඟින් වූ මුළු බලශක්ති ඉතිරිය 1.3Bn kWh වේ. ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලාංකික සමාගමක් සපයන ප‍්‍රමුඛ දායකත්වයක් ලෙස R600a ශිතකාරක හඳුන්වාදිය හැක. ක්‍ත්‍ක්‍ වායුවට සාපේක්ෂව R600a වායුවේ ඇති ප‍්‍රතිලාභ හඳුනාගත් සිංගර් සිය R600a ශීතකාරක පරාසය දිගින් දිගටම පුළුල් කළේය.

 උසස් තත්ත්වයේ R600a ශිතකාරක නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අති නවීන ශීතකරණ නිෂ්පාදන පහසුකම් සිංගර් සතුව ඇත. අඩු බලශක්ති පරිභෝජනයක් සහිත සිංගර් R600a ශීතකාරක මඟින් විදුලි බිල සඳහා වැය වන සැලකිය යුතු මුදලක් ඉතිරි කරන අතර R600a ශීතකාරක පරිසර හිතකාමී වන බැවින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා ද කදිම විසඳුමකි.

 ඕසෝන් ස්ථරය සුරැුකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සිංගර් ශ‍්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ජාත්‍යන්තර ඕසෝන් දිනය සමරන අද වැනි දවසක පරිසරය සුරැුකීම කෙරෙහි අප සැමගේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ තිබේ. ස්වාභාවික විපත්, පරිසර ¥ෂණය සහ ඕසෝන් ස්ථරයට ඇති බලපෑම අවම කරමින් මෙම ගැටලූ විසඳීම සඳහා අප සැමගේ සාමූහික ප‍්‍රයත්නයක් අවශ්‍ය වේ. සිංගර් විසින් අලෙවි කරන ශීතකරණ 100% ක්ම පරිසර හිතකාමී ඕසෝන් ස්ථරයට බලපෑමක් නොවන වායූන්ගෙන් සමන්විත වීම ගැන මම ආඩම්බර වෙනවා. සිංගර්, පරිසර හිතකාමී සමාගමක් වීම නිසා සමස්ත පරිසරය සුරැුකීමට දායක වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී” යනුවෙනි.


 

advertistmentadvertistment
advertistmentadvertistment