ඕ.අයි.සීලා 23 දෙනකුට වහාම මාරුවීම් – දේශපාලක ගෙවල් ගිනි ගැනීම්:

598

පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ආරංචිමාර්ග පවසන්නේ පසුගියදා සිදුවූ දේශපාලනඥයන්ගේ නිවාස දේපොළ ගිනි තැබීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් මෙසේ මාරුකර යැවු බවයි.

මාරුකර යැවූ පෙලිස් ස්ථානාධිපතිවරුන් මෙසේය.

පොලිස් පරීක්‍ෂක එච්. ජේ. මුත්තෙට්ටුතැන්න, උයිලන්කුලම ස්ථානාධිපති සිට සාමාන්‍ය රාජකාරි කැලණිය කොට්ඨාසය, ආර්. එල්. එල්. විජේරත්න, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිට කුලියාපිටිය කොට්ඨාසය, කේ. ඩී. පී. සිරිවර්ධන මිහින්තලේ ස්ථානාධිපති සිට පානදුර කොට්ඨාසයට, ආර්. එච්. පී. රත්නායක මින්නේරිය ස්ථානාධිපති සිට සීතාවකපුර කොට්ඨාෂයට, ඩී. බී. තල්වත්ත වාරියපොළ ස්ථානාධිපති සිට කෑගල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා පත් කර ඇත.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එච්. ජයවීර මහතා නිකවැරටිය කොට්ඨාසයට, දංකොටුව ස්ථානාධිපති වසන්ත කුමාර නිකවැරටිය කොට්ඨාසයයට, හෙට්ටිපොල ස්ථානාධිපති ආර්. එච්. වසන්තකුමාර හලාවත කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එස්. අධිකාරි කෑගල්ල කොට්ඨාසය වෙත නාරම්මල ස්ථානාධිපති එස්. පී. රංජිත් මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබේ.

දොම්පේ පොලිස් ස්ථානාධිපති ආර්. පී. ඒ. ප්‍රියන්ත කැලණිය කොට්ඨාසය වෙත හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂක ටී. එච්. වික්‍රමරත්න පානදුර කොට්ඨාසය වෙත කැස්බෑව ස්ථානාධිපති එච්. ජී. අබේරත්න කොළඹ දකුණ කොට්ඨාසය වෙත කොහුවල ස්ථානාධිපති එච්. හැරිසන් පානදුර කොට්ඨාසය, කිරිබත්ගොඩ ස්ථානාධිපති එල්. ප්‍රදීප් කුමාර සිතාවකපුර ,කළුතර දකුණු ස්ථානාධිපති එස්. ශාන්තකුමාර කොළඹ දකුණ කොට්ඨාසය, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. පී. වත්තේගම නුගේගොඩ කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.

මේ අතර ලග්ගල පොලිස් ස්ථානාධිපති අනුර රණවීර පොලොන්නරුව කොට්ඨාසය වෙත, මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. ජී, හලංගොඩ කුරුණෑගල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි, තිස්සමහාරාම ස්ථානාධිපති ඒ. ඩී. කාරියවසම් කළුතර කොට්ඨාසයේ සාමන්‍ය රාජකාරි, පිටිගල ස්ථානාධිපති එම්. ඒ. කරුණාරත්න ගල්කිස්ස කොට්ඨාස සාමාන්‍ය රාජකාරි, කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂක ජී. එන්. කුලතුංග ගම්පහ කොට්ඨාසය වෙත, කොලොන්න ස්ථානාධිපති ජගත් කුමාර මාතර කොට්ඨාසයේ රාජකාරි සඳහා මාරු කර යවා ඇත.

නෝමන් පලිහවඩන – හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment