ඖෂධ උපකරණ අඩු වුණත් ජාතික රෝහලේ රසායනාගාර පරීක්‍ෂණ නතර කර නෑ – නි. අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක

108

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර කටයුතු සඳහා ඖෂධ සහ උපකරණ සැපයීමේ අඩුවක් තිබුණ ද දිනපතා කෙරෙන පරීක්‍ෂණ නවතා නොමැති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය.

ජාතික රෝහලේදී දිනපතා සිදුකරෙන රසායනාගාර පරීක්‍ෂණවල යම් අඩුවක් තිබුණද වෘත්තිය සමිති පවසන අයුරින් එම කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා නැතැයි ද වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජාතික රෝහලේ රසායනාගාර කටයුතු යම් අඩුවීමක් පෙන්නුම් කරනුයේ රෝගීන්ගේ පැමිණවීමේ අඩුවක් නිසා සහ සැපයීම් භාණ්ඩවල අඩුවීමක් නිසා බව ද හෙතෙම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා මෙසේද කීවේය.

‘අපේ පරීක්‍ෂණාගාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණවල යම් අඩුවක් සිදුව තිබෙනවා. නමුත් දෛනික පරීක්‍ෂණ පූර්ණ ලෙස නවතා දමා නැහැ. අපි දෛනික පරීක්‍ෂණ කටයුතු ඉතා පරිස්සමින් කරගෙන යනවා.

ජාතික රෝහලේ ආහාර ප‍්‍රශ්නයත් වත්මන් ආර්ථික තත්ත්වය නිසා ඇති වූවක්. ටෙන්ඩර් කැඳවා ආහාර සැපයීම ලබාදීමේදී තිබුණු තත්ත්වය නෙමෙයි මේ වනවිට පවතින්නේ. ඉදිරියේදී ඔවුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් මිල වැඩිකිරීමක් කරන්න සිදුවෙයි.

සුජීව තත්ත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment