ඖෂධ, උපකරණ නෑ…. රෝහල්වල විරෝධතා….

101

රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හි සුළු සේවකයෝ රෝහල් ඉදිරිපිට ඊයේ (23දා) පෙරවරුවේ විරෝධතාවල නිරත වූහ.

ඖෂධ හිඟය, උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, දින 5 ක වැඩ සතිය, බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍රලේඛයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන තිබිණි.

වැඩවර්ජනයේ නිරත සේවකයෝ විරෝධතා පුවරු රැගෙන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක ද නිරත වූහ.

ඡායාරූපයේ දැක්වෙන්නේ නාවලපිටිය රෝහලේ සුළු සේවකයන් විරෝධතාවයේ නිරතව සිටි අයුරුය.

නාලක රත්නායක , නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment