ඖෂධ ගන්න ලෝක බැංකුවේ සහාය ඉල්ලයි

109

ශ‍්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දෙන ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා (30දා) එම බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් සිය අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදී ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් ඉහළම ප‍්‍රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව බෙන්ස් මහත්මිය පවසා ඇත. ශ‍්‍රී ලංකාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂකවරිය එම අවස්ථාවේදී විශේෂ ඇගයීමක් සිදු කළ අතර, ෆයිසර් එන්නත ලබා ගැනීමේ දී ලෝක බැංකුව ශ‍්‍රී ලංකාව වෙත ලබා දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ස්තුතියක් ද පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment