ඖෂධ ගැන අමාත්‍යාංශය ලේකම්ගේ තීන්දුව

173

රට තුළ කුමන ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රාජ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ප්‍රමුඛ අවධානයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදෙන බවත් ඒ තුළ අමාත්‍යංශයේ ඉහළ අවධානය මේ වන විට ඖෂධ හා වෛද්‍ය උපකරණ කෙරෙහි ලබාදී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

ඖෂධ  සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment