ඖෂධ නැතිව රෝහල් ලෙඩ වෙයි

69

කොළඹ ජාතික රෝහල, රාගම රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් රැසකම මාස පහ හයක සිට බරපතළ ඖෂධ හිඟයක් හා වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා ළමා සහ වැඩිහිටි රෝගීන් බරපතළ අවදානමකට පත්ව සිටින බව එම සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක වෛද්‍ය ජනක සේනාරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

මේ අඩුපාඩු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදීම දැනුවත් කරලයි තියෙන්නේ.

නිර්වින්දන ඖෂධ, වේදනා නාශක ඖෂධ, අවුරුදු 2ට අඩු දරුවන්ට ලබාදෙන පැරසිටමෝල් සිරප් එක නැහැ. ඒ වගේම අධික ලෙස වමනය යන එකට දෙන බෙහෙත් වර්ග නැහැ. ඇන්ටිබයිටික් වර්ග නැහැ. ප්‍රතිජීවක ඖෂධ වර්ග නැහැ. කැතීටර් වර්ග නැහැ. ශල්‍ය උපකරණ වන ජීවිතාරක්‍ෂක උපකරණ නැහැ. බෙතඩීන් නැහැ. මේ ගැටලු දැන් දරුණු ලෙස බලපාලයි තියෙන්නේ.

මෙම තත්ත්වය තුළ වෛද්‍යවරුන් රට හැර යෑමේ තත්ත්වයක් මතුවෙලා. රජය සෞඛ්‍යයට මුදල් වෙන් කරන්නේ ඉතා සොච්චම් මුදලක්. සියයට 5ක් වත් අඩුම වශයෙන් සෞඛ්‍යයට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඕනේ. ඖෂධ හා උපකරණ හිඟය ගැන අපි ඉදිරියේ දී සෞඛ්‍ය සේවකයන්, දැනුවත් කරනවා. ඒ වගේම සංගමයක් විදිහට රජයේ ප්‍රධාන රෝහල්වල දේශන මාලාවක් ද පවත්වනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment