ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන, ව්‍යාපාරික බලපෑම් එපා –  GMOA කියයි

129

ජාතික ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන සහ ව්‍යාපාරික බලපෑම් එල්ලවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට කටයුතු කළ යුතු අධිකාරියට එල්ලවන බලපෑම් වළකාලමින් එහි ස්වාධීනත්වය ආරක්‍ෂා කර දීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ වගකීම බවද එම සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව “දිවයින”ට අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයියා මහතා ඊයේ (06 දා) මෙසේද පැවසීය. මේ පවතින ඖෂධ හිඟය පියවා ගැනීමට විදේශයෙන් ලැබෙන ආධාර ඖෂධ ලැබුණු විගස පිළිගැනීමට බැහැ. ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සොයා බැලිය යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. ඒ වෙනුවෙන් නියාමනය කිරීමේදී දේශපාලනික හෝ ව්‍යාපාරික බලපෑම් නොකළ යුතුයි. නමුත් අධිකාරියට මේ අංශ දෙකෙන්ම බලපෑම් ඇතිව තිබෙන බව අපේ සංගමයට වාර්තා වෙනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment