ඖෂධ නියාමන දත්ත මැකීයෑම: ටෙන්ඩර් ගත් සමාගමේ විධායක නිලධාරියා සී.අයි.ඞී. භාරයට

137

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වාගෙන යෑම සඳහා ටෙන්ඩරය ලබාගත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි තරීන්‍ද්‍ර කල්පගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08 දා* අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාළ සමාගමට ලබා දී ඇත්තේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී බව හෙළි වී ඇත. ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. ඒ අනුව ඒ මහතාගෙන් සිදුකළ දීර්ඝ ප‍්‍රශ්නකිරීමකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment