ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපති පත් කළේ බ්ලැක්ලිස්ට් කළ සමාගමට මිලියන 500ක් ගෙවන්නද?

183

සේවකයෝ සැක පළ කරති

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කඩිමුඩියේ නව සභාපතිවරයකු පත්කර ඉකුත් කාලයේදී පිළිකා ඖෂධ ගෙනැවිත් අසාදුගත කළ සමාගමකට රුපියල් මිලියන 500ක් ගෙවා දැමීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නව සභාපතිවරයා පත්කර ඇත.

මීට පෙරද මොහු රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති ලෙස කටයුතු කර ඇති අතර එම සමයේදී එල්ල වූ විරෝධතා නිසා තනතුරින් ඉවත්ව ගොස් තිබේ. ඒ සමයේදී එක්තරා සමාගමක් ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් මතු විය. ඒ අනුව එකී සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 500ක මුදලක් ගෙවීම අත්හිටුවා එම සමාගම අසාදුගත :ඊක්ජන කසිඑ* කිරීමට පියවර ගැණිනි.

යහපාලන කාලයේදී සිදුවූ මෙම ඖෂධ ජාවාරමට චෝදනා එල්ල වු පිරිසක් නව සභාපතිවරයෙකු කඩිමුඩියේ පත්කිරීම සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාව තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.

ජනපති හා අගමැති ඉල්ලා අස්වීමට තීන්දුකර තිබියදී මෙම පත්කිරීම කළේ අදාළ අසාදුගතකර තිබෙන සමාගමට රුපියල් මිලියන 500ක් ගෙවා අවසන් කිරීමට දැයි එම ආයතනයේ නිලධාරීහු සැක පළ කරති.

නව සභාපතිවරයා 10 වැනිදාම නව තනතුරේ වැඩ ආරම්භ කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment