ඖෂධ පිළිබඳ දත්ත වහා ගන්න – මහාචාර්ය තිස්ස විතාරණ

130

රට තුළ ඖෂධ හිඟයක් පවතිනවාද නැද්ද යන්න සොයාබැලීම සඳහා රජයේ රෝහල්වල සහ රජයේ ඖෂධ ගබඩාවල පවතින ඖෂධ පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව ගණනය කර රටට හෙළි කළ යුතු යැයි වෛරස්වේදය පිළිබඳ විශේෂඳ වෛi මහාචාර්ය තිස්ස විතාරණ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

පවතින ඖෂධ සම්බන්ධයෙන් තමා කළ සොයා බැලීමේදී දැනට යම් ප්‍රමාණයකින් ඖෂධ රෝහල්වල සහ පෞද්ගලික ඔසු සල්වල පවතින බවට දැනගන්න ලැබුණත් එම ඖෂධ අවසන් වනවිට නැවත ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වුවහොත් රෝගීන් දැඩි අසීරුතාවට පත්විය හැකි බව ද විතාරණ මහතා කීය. එම නිසා වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය රටේ පවතින රෝහල්වල සහ ඖෂධ ගබඩාවල පවතින ඖෂධ ගණනයක් සිදුකර ඉදිරියේදී හිඟවන ඖෂධ ගෙන්වා ගැනීමට සැලසුම් සකස්කර කැබිනට් මණ්ඩලය දැනුවත් කළ යුතු බව ද විතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment