ඖෂධ මිලට ගන්න කෝටි 4500 ක්

171

මෙම වසරේ ඖෂධ මිලදී ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදන, ආනයන සහ නියාමන රාජ අමාත්‍යාංශයට රුපියල් කෝටි 4500ක මුදලක් රජය වෙන්කර ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් සමන් රත්නායක මහතා පැවසීය.

ඉන් රුපියල් කෝටි 1400ක් රජයේ රෝහල් හී ඔක්සිජන් මිලදී ගැනීමටත්, රුපියල් කෝටි 700ක් ඖෂධ මිලදී ගැනීමටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙන්කර ඇති බවද සඳහන් කළේය.

මේ වනවිට මෙරටට අවශ්‍ය සේලයින් දේශීයව නිපදවන බවත් එය පෞද්ගලික අංශයේද සහාය ඇතිව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් රජයේ රෝහල් වෙත බෙදහරින බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment