ඖෂධ මිලදී ගන්න  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2ක්

168

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් මිලියන 718) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පෙරේදා (24දා) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

 ළමුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා “රිජ්වේ ආර්යා ළමා රෝහලට” ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බවට ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 මීට අමතරව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් “ජාතික පිළිකා රෝහල” වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ද පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ.

 රටට අවශ්‍ය මොහොතේ දී මෙම පරිත්‍යාග කිරීමට ලැබීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වෙනවා. මෙම අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment