ඖෂධ මිල ඉහළට

610

වෙළෙඳපෙළේ තිබෙන පැරසිටමෝල්, ඇස්ප‍්‍රින් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සිය ගණනක මිල ගණන් දින කිහිපයක සිට ඉහළ ගොස් ඇති බව පෞද්ගලික ඔසුසල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ මිල ගණන් වැඩි වී ඇති බෙහෙත් වර්ග අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් 19 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කර තිබූ බෙහෙත් වර්ගද වන බව එම ආරංචිමාර්ග සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉකුත් අගෝස්තු 19දා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 60 ක හා වෛද්‍ය උපකරණ හා ශල්‍ය ද්‍රව්‍ය 42 ක උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි. ජාතික ඖෂධ අධිකාරී පනතේ රෙගුලාසි යටතේ නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටෙරෝල්, ඇතුළු රෝගාබාධ රැසක් සඳහා භාවිත කරන බෙහෙත් වර්ග 60ක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබිණි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙරද අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල මිල ගණන් විවිධ හේතුන් මත වැඩි වී තිබූ බව ඔසුසල් හිමියෝ පවසති. අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල මිල ගණන් නැවතත් ඉහළ යෑම හේතුවෙන් රෝගී ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

ඒමන්ති මාරඹේ

 

advertistmentadvertistment
advertistmentadvertistment