ඖෂධ මිල ඉහළ යෑමෙන් අසාධ්‍ය රෝගීහු සුසුම් හෙළති!

234

සමහරු කණකර උකසට තබද්දී තවත් අය බෙහෙත් පාවිච්චිය අතහරිති

ඹෟෂධවල මිල ඉහළ යෑමෙන් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි රෝගීහු පවසති.

මේ වනවිට රෝහල්වල සායනවලට පැමිණෙන රෝගීන්ට නියම කරන ඇතැම් බෙහෙත් නොමැතිව අධික මිල ගණන් යටතේ ඹෟෂධ හල්වලින් ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද එම රෝගීහු පවසති.

ඇතැම් වකුගඩු හා පිළිකා රෝගීන් ඹෟෂධ මිලදී ගැනීමට මුදල් නොමැති නිසා බෙහෙත් පාවිච්චිය අතහැර දැඩි වේදනාවෙන් කල්ගෙවන බවත්, ඇතැම් අය කණකර උකසට තබා ඹෟෂධ මිලදී ගන්නා බවද එම රෝගීන්ගේ භාරකරුවන් පැවසීය.

මේ අතර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර ගාස්තුද ඉතා අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ජනතාව පවසති.

දරුණු රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්නා රොගීන්ට සහන මිලක් යටතේ ඹෟෂධ ලබාදීමට පියවර ගන්නා ලෙස ඔවුහු කාරුණිකව ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිති.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment